නිවැරදිව clean up එකක් කරන හැටි දැනගමු..

          රූපය කියන්නෙ අපි කවුරුත් අවධානය යොමු කරන දෙයක්නෙ.ලස්සනට ප්‍රියමනාපව ඉන්න කවුද ඉතින් අකමැති.මේ ලෝකෙට අපි එනකොට අරන් ආව අපිටම ආවේණික රූපය සුන්දරව පවත්වගෙන යන්න තමන් ව ලස්සනට නිරෝගීව තියාගන්න පුළුවන් තමන්ටම තමයි.නිරෝගි සමක්,නිරෝගී හිසකෙස්,නිරෝගී නියපෙළක් අපිට තියෙනව නම් කාන්තා පිරිමි කොයි කවුරුත් කැමතියි.ඉතින් ඒකට අපිට පුලුවන් අපිට ලැබිල තියෙන රූපෙ සුන්දරත්වය රැකගන්න විවිධ සත්කාර කරන්න.තරගකාරී ලෝකෙ ඇතුළෙ එක හුස්මට දුවන අපි අපේ නිරෝගීකම ගැන හිතන්නත් චූටි වෙලාවක් වෙන් කරොත් ඒකෙන් මානසික විවේකයක් වගේ ම ඒකාකාරී ජීවන රටාවට පොඩි විවිධත්වයකුත් එකතු වෙයි.

        ඉතින් අද මම මේ ලිපියෙන් ඔයාට අරන් ආවේ ඔයාගෙ මුහුණ නිරෝගීව පැහැපත් ව තියාගන්න කරන්න පුළුවන් සත්කරයක් ගැන කියන්න.ඔයාල ගොඩක් අය දන්නව ඇති clean up ගැන.ඔයාගෙ මුහුණට පීඩා ගෙන දෙන blackheads,whiteheads නැති කරල නිරෝගිමත් දීප්තිමත් සමක් පවත්වගෙන යන්න clean up එකක් කරන එක ඉතාම වැදගත්.අව්වට,දූවිල්ලට නිරන්තරයෙන් ම නිරාවරණය වෙන ඔයාගෙ සමේ ඇතිවන ගොඩක් ගැටලුකාරී තත්වයන්ට කරන්න පුළුවන් සත්කාරයක් තමයි clean up එකක් කියල කියන්නෙ.සතියකට  වතාවක් නැත්නම් මාසෙකට වතාවක් ඔයාගෙ මුහුණට clean up එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි.කොහොම ද clean up එකක් නිවැරදි පිළිවෙලට කරන්නෙ.අද අපි ඒ ගැන දැනගමු.

1 පියවර - සමේ ස්වභාවය හඳුනාගැනීම

clean up එකක් සිදු කිරීමේදී පළමු පියවර  වෙන්නෙ ඔබ ඔබේ සමේ ස්වභාවය හඳුනා ගැනීමයි.ඔබට තියෙන්නෙ තෙල් සහිත සමක් ද වියළි සමක් ද මිශ්‍ර සමක් ද කියලා පළමුව හඳුනා ගෙන ඊට ගැලපෙන නිෂ්පාදන clean up එක සිදු කිරීම සඳහා තෝරාගත යුතුයි.

2 පියවර - cleanser කිරීම 

ඔබේ සමේ ස්වභාවයට ගැළපෙන cleanser එකක් භාවිත කර මුහුණ හොඳින් පිරිසිදු කරගන්න.හැමවිටම cleanser එක කරගත යුත්තේ මුහුණේ උඩු අතටයි.වි.2 ක් 3ක් පමණ හොඳින් ක්ලෙන්සර් කර ගෙන එය මුහුණෙන් ඉවත් කරගන්න.මුලින්ම පුළුන් කැබැල්ලක් භාවිතයෙන්ද පසුව ස්පොන්ච් එකක් භාවිතයෙන්ද රවුම් ආකාරයට cleanser  එක ඉවත් කරගන්න.

3 පියවර - scrub කිරීම

Scrub එකක් භාවිත කරනුයේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර ගැනීමටයි. එය වි.2ක් 3ක් තියල අනතුරුව මුහුණේ උඩු අතට රවුම් ආකාරයට scrub කරගන්න. පසුව scrub එක මුහුණෙන් හොඳින් ඉවත් කරගන්න.

4 පියවර - whiteheads,blackheads ඉවත් කර ගැනීම

මෙහි දී extractor tool එක භාවිතයෙන් whiteheads,blackheads හොදින් ඉවත් කරගනු ලබයි. නහයේ,නිකටේ,කම්මුල්වල බොහෝ විට මේ whiteheads, blackheads  දක්නට ලැබේ.

5 පියවර - Torner කිරීම 

මෙය clean up  එකේ අවසාන කොටසයි. clean up එකක්,cleanser එකක්,scrub එකක් කළ ඕනෑම විටක දී අවසානයේ මුහුණට ටෝනර් එකක් භාවිත කළ යුතුයි.Torner එක මගින් සිදුකරනුයේ scrub එක මගින් මුහුණේ සිදුරු(pores)විවර වන අතර ඒවා යලිත් යථා තත්ත්වයට පත්කිරීමයි.ඒ නිසා මෙය clean up එක අවසානයේ දී කළ යුතු අවසාන අංගයක්.

              එහෙනම් sloon එකට clean up එකක් කරගන්න යන ඔයාට ඒ ගැන හොඳ අවබෝධයකින් යන්න වගේම ගෙදරදි ම උනත් cleanup එකක් කරගන්න බලන් ඉන්න ඔයාටත් ලස්සන ඉන්න කැමති  ඔයාල හැමෝටමත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියල හිතනව.මේ වගේ ලස්සන රහස් ගොඩක් එක්ක ආයෙත් හමුවෙමු...














Comments

Post a Comment