ස්වභාවික දේවල්වලින් ගෙදරදී ම clean up එකක්...

 

අද ලිපියෙන් මම ඔයාලට අරගෙන ආවේ  ගෙදරදී ම හොයාගන්න පුළුවන් ස්වභාවික දේවල් වලින් clean up එකක් කරගන්නෙ  කොහොමද කියල. ස්වභාවික දේවල්වලට කැමති ස්වභාවිකව දිදුලන සමකට හිමිකම් කියන්න කැමති ඔයාලට මේ සත්කාරයත් ගොඩක් වැදගත් වේවි.

clean up එකක් කරගනිද්දි මුලින්ම මුහුණ හොඳින් cleanser කර ගන්න ඕනි.එහි දී හොඳ cleanser එකක් ඔයාට ගෙදරදිම හදාගන්න පුළුවන්.

Cleanser එක සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය -:

              කෝමාරිකා මදය තේ හැඳි 1ක්
              දෙහි යුෂ තේ හැඳි 1/2

මේවා හොඳින් මිශ්‍ර කරගන්න.මේ cleanser එක මුහුණේ  ආලේප කර හොඳින් සෝදා මුහුණ පිරිසිදු කර ගන්න.මීට යොදා ගන්නා දෙහි යනු ඉතාමත් හොඳ විෂබීජ නාශකයක්. එමගින් මුහුණෙහි ඇති  විෂබීජ ඉවත්කර සමට පැහැපත් බවක් ලබා දෙනවා. කෝමාරිකා කියන්නෙ ස්වභාවික බ්ලීචින් එකක්. ස්වභාවික පැහැපත් සමක් ඕනි ඔයාට  ඒක ගොඩක් වැදගත් වෙනවා. මේ cleanser එක මුනුණේ ආලේප කර විනාඩියක් පමණ massage කර එය මුහුණෙන් සෝදා ඉවත් කර ගන්න.

ඊළඟ පියවර තමයි scrub කිරීම. ස්වභාවික ස්ක්‍රබ් එකක් ගෙදරදිම හදාගන්න විදිය බලමු.

Scrub එක සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය -:

                කෝපි කුඩු තේ හැඳි 1ක්
                 සීනි තේ හැඳි 1ක්
                 යෝගට් තේ හැඳි 1ක්

මේ සියල්ල හොඳින් මිශ්‍රකර ස්වභාවික ස්ක්‍රබ් එකක් සාදා ගන්න පුළුවන්. මේ සඳහා යොදා ගන්නා කෝපි කුඩු හා සීනි කියන්නේ අපේ මැරුණු සම හොඳින් ඉවත් කරගන්න වැදගත් වෙන අමු ද්‍රව්‍ය දෙකක්.යෝගට් මගින් සමේ තෙතමනය රැක දෙන්නත් සම පැහැපත් කරන්නත් දායක වෙනවා.මෙය නිවසේදීම හදාගන්න පුළුවන් ඉතා හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන scrub එකක් කියලා කියන්න පුලුවන්.මේ scrub එක මුහුණේ හා බෙල්ලේ හොඳින් ආලේප කර ඇඟිලි තුඩු භාවිත කර රවුමට සියුම් ලෙස උඩු අතට massage කරගන්න.විනාඩි  5ක්  පමණ එලෙස scrub කරගෙන පසුව උණු වතුර පෙඟවූ ස්පොන්ච් එකක් භාවිත කර scrub එක මුහුණෙන් ඉවත් කරගන්න.

Clean up  එකේ ඊළඟ පියවර වෙන්නෙ හුමාලය ඇල්ලීම. එහිදී උණු වතුර ටිකක් භාජනයකට දාගෙන විනාඩි 5-10 ත් අතර කාලයක් හොඳින් හුමාලය මුහුණට වදින්නට සලස්වන්න.මේ විදිහට හුමාලය ඇල්ලීම තුළින් අපේ මුහුණේ ඇති අවහිර වූ සිදුරු විවර වීම සිදුවෙනවා සිදු වෙනවා.එසේ වීමෙන් ඊළඟට මුහුණට භාවිත කරන්නට සිටින face pack එකෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.ඒ වගේම මුහුණේ ඇති බ්ලැක්හෙඩ්ස් සහ වයිට්හෙඩ්ස්  පහසුවෙන් ඉවත් කර ගැනීමට මේ හුමාලය ඇල්ලීම ඉතා ප්‍රයෝජනවත් වෙනවා.

ඊළඟ පියවර විදිහට ඔයා extractor tool එක භාවිතා කරල blackheads සහ whiteheads අයින් කරගන්න ඕනි.ඊට පස්සේ නැවත වරක් මද රස්නෙ ජලය පෙඟවූ ස්පොන්ච්  එකක් භාවිත කර මුහුණ  හොඳින් පිසගන්න.

ඊළඟට තමා අපි මුහුණට පැක් එකක් භාවිත කරන්න ඕනේ.මෙතනදි ඔයා ඔයාගේ සමට සරිලන ගැලපෙන face pack එකක් තෝරගන්න ඕන. ඒ වගේම ඔයා scrub එකම පැක් එකක් විදිහට භාවිත කරානම් නැවත ෆේස් පැක් එකක් භාවිත කිරීම අවශ්‍ය වෙන්නේ නෑ.

මේ සියලුම පියවරවලින් පස්සේ ඊළඟ වැදගත්ම පියවර තමයි toner කිරීම.මෙහිදී toner එක වෙනුවට ඔයාට Ice cubes  භාවිත කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔයාට ඒ වෙනුවට රෝස වතුර (rose water ) භාවිත කරන්නත් පුළුවන්.
හුමාලය ඇල්ලීම මගින්  විවර වූ  මුහුණේ සිදුරු වසා දැමීමට හොඳින් toner එක Apply  කිරීම ඉතා වැදගත් වෙනවා.

මේ විදිහට වැඩි වියදමක් නැතුව ම ස්වභාවික දේවල් භාවිත කරල ඉතා ප්‍රතිඵලදායක clean up එකක් ගෙදරදීම කරගන්න ඔයාට  පුළුවන්.

             

Comments

Post a Comment